Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව සේවාවන් රාජ්‍ය ආයතන සඳහා

දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය ආයතන සඳහා

  1. පළාත් පාලන ආයතන සඳහා ඉඩම් හිමිකම ලබාදීම

    ත්‍රිවිධ හමුදාව හා පළාත් පාලන ආයතන සඳහා පැවරුම් නියෝග මගින්ද ඉඩම් හිමිකම ලබාදේ. (සුසාන භූමි, සතිපොල, බස්නැවතුම්පල, ප්‍රාදේශීය සභා ගොඩනැගිලි ආදිය සඳහා) මෙම ඉල්ලීම් සියල්ල අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා මගින් ඉදිරිපත් කළ යුතු ය.

  2. රජයේ ඉඩම් හා රක්ෂිත ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම

    රජයේ ඉඩම් හා රක්ෂිත ප්‍රදේශ අනවසරයෙන් අල්ලාගෙන සිටින පුද්ගයන් ඉවත් කිරීම හා එම රක්ෂිත ආරක්ෂා කිරීමට කටයුතු කිරීම.

  3. රජයේ ඉඩම් ආඥාපනත යටතේ ඉඩම් නිදහස් කිරීම

    රාජ්‍ය දෙපාර්තමේන්තුවලට ඉඩම් ලබාදී‍‍මේ දී ඉඩම් නිදහස් කිරීමේ සහතික පත්‍රයක් ලබාදේ.

  4. රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබාගැනීමේ) පනත ය‍ටතේ කටයුතු කිරීම

    රජයේ ඉඩම් කොටසක් යම් තැනත්තෙකු අනවසරයෙන් අල්ලාගත් විට, 1979 අංක 7 දරණ රජයේ ඉඩම් (සන්තය ආපසු ලබාගැනීමේ) පනත යටතේ කටයුතු කර එම අනවසරකරු ඉවත්කිරීමට පියවර ගනු ‍ලැබේ.

  5. ඉඩම් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්රුන්ට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ ලබාදීම

    ඉඩම් රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ගැටළු පැන නගින අවස්ථාවලදී, එම ගැටළු නිරාකරණය කරගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීම

  6. ඉඩම් විෂය නිලධාරීන් පුහුණු කිරීම

    ඉඩම් රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරි, ජනපද නිලධාරි, සංවර්ධන සහකාර, කළමනාකරණ සහකාර ආදී නිලධාරීන් වෙත පුහුණු ලබා දීම.

  7. ඉඩම් ආදායම් රැස් කිරීම හා ගිණුම්ගත කිරීම

    ඌව පළාත් සභා බල ප්‍රදේශය තුළ විවිධ ආඥා පනත් යටතේ නිකුත් කර ඇති විවිධ බලපත්‍ර වෙනුවෙන් බදු මුදල් එක්රැස් කිරීම හා බදු ආදායම් වෙනුවෙන් නිසි පරිදි ගිණුම් පවත්වා ගෙන යාම මෙහිදී සිදු කෙරේ. ඒ අනුව වාර්ෂික ආදායම් ඇස්ත‍මේන්තු පිළියෙල කරයි. බදු ගෙවීම් පැහැර හරින්නන් සම්බන්ධව නීතිමය කටයුතු සිදුකර, හිඟ බදු අයකර ගැනීමට කටයුතු කිරීම හා නව බදුදීම් සිදුකල හැකි අවස්ථා හඳුනාගැනීම ද මෙහි දී සිදුකරනු ලැබේ.

 
මැයි 2020
බ්‍ර සි සෙ
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය