Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව පිංතූර ගැලරිය
පිංතූර ගැලරිය
ඔප්පු හා බලපත්‍ර (1)
ඔප්පු හා බලපත්‍ර

2008 වර්ෂයේ මහින්ද චින්තන වැඩසටහන යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් බෙදාදිමේ ජාතික වැඩසටහන  යටතේ ඉඩම් බලපත්‍ර හා ඔප්පු බෙදාදිමේ උත්සවය

2008 වර්ෂයේදී ඌව පළාත් ඉඩම් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්, මහියංගණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඉඩම් බලපත්‍ර  හා ඔප්පු ලබාදී ජනතාව ඉඩම් හිමියන් කරන්නට පැවති උත්සවය.

 

චෙක්පත් හා බිම්සවිය (3)
චෙක්පත් හා බිම්සවිය

පාංශු සංරක්ෂණය කළ ඉඩම්ලාභීන්ට චෙක්පත් බෙදාදීම හා බිම් සවිය වැඩසටහන හිටුපු ගරු ඌව පළාත් ඉඩම් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2008 වර්ෂයේදී පාංශු සංරක්ෂණය කළ ඉඩම්ලාභීන්ට රජයේ දායකත්ව දීමනා ලබාදීම හා බිම්සවිය වැඩසටහනේ සමාරම්භක උත්සවය

 

ඵලදායිතා තරඟය (3)
ඵලදායිතා තරඟය

2006 ජාතික ඵලදායිතා තරඟයේ ජයග්‍රහණය
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අගයන අයුරු

2006 වර්ෂයේදී ජාතික ඵලදායිතා තරඟයෙන් තෙවන ස්ථානය දිනාගත් ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු කාර්යය මණ්ඩලය එම ජයග්‍රහණය අගයමින් 2008.05.23 දින බදුල්ල දිස්ත්‍රික්  ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්මානයෙන් පුදන්නට සැරසෙමින්

 

ජල පෝෂක ප්‍රදේශ සංවර්ධනය (4)
ජල පෝෂක ප්‍රදේශ සංවර්ධනය

ජල රක්ෂිත සංරක්ෂණය
2009 වර්ෂයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨා‍ශයේ සංරක්ෂණය කළ ජල රක්ෂිතය

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරගල ග්‍රාමයේ ජල රක්ෂිත ප්‍රදේශය සංරක්ෂණය කිරීම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරගල ග්‍රාමයේ ජල රක්ෂිතය සංරක්ෂණය කිරීම උදෙසා ‍මෙම දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් දැනුම උපයෝගී කරගෙන, එම ග්‍රාමයේ ජනතාව ජල පෝෂක පැල සිටුවන ආකාරය

 

පස් සංරක්ණය (10)
පස් සංරක්ණය
පස් සංරක්ෂණ ව්‍යාපෘතිය
කේෂේත්‍රයට ගොස් ඉඩම්ලාභීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, ඔවුන් තම ඉඩම් වල පාංශු සංරක්ෂණය ක්‍රම නිවැරදි ක්‍රමවේදයන්ට අනුව ඉටුකර ඇත්දැයි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරික්ෂා කරන අයුරු.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පොල්වත්ත ග්‍රාමයේ පාංශු සංරක්ෂණය කිරීම

ගල්වැටි හා කුට්ටිකාණු ක්‍රමවේදයන් අනුගමනය කරමින්  පොල්වත්ත ග්‍රාමයේ ඉඩම් හිමියන් තම ඉඩම්වල පාංශු සංරක්ෂණය මැනවින් ඉටුකර ඇති අයුරු
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාමයේ ජනතාවගේ ඉඩම් වල පාංශු සංරක්ෂණය හා ඉඩම් සංවර්ධනය 2009 වර්ෂයේදී වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාමයේ ජනතාව පස්වැටි, ගල් බැමි, කාණු යනාදී ක්‍රම භාවිතා කරමින් තම ඉඩම්වල පාංශු සංරක්ෂණය කර ඇති අතර, මෙම දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් බද්ධ අඹ පැල සිටුවමින් ඉඩම් සංවර්ධන කටයුතු ද සාර්ථකව ඉටුකර ඇත.  මෙම ඉඩම්වල පාංශු සංරක්ෂණය සඳහා ඉඩම්ලාභීන් වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ, පස්වැටි හා කුට්ටි කාණු ක්‍රමවේදයයි.

 

පුහුණු වැඩසටහන් (7)
පුහුණු වැඩසටහන්

ඌව පළාතේ නිලධාරීන් ඉඩම් විෂය පිළිබඳ පුහුණු වැඩසටහන

ඌව පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉඩම් රාජකාරිවල නියැලී සිටින සියලුම කළමනාකරණ සහකාර නිලධාරීන්, වැඩසටහන් සහකාර නිලධාරීන්, සංවර්ධන සහකාර නිලධාරීන්, ග්‍රාමනිලධාරීන් හා ජනපද නිලධාරීන් තම දෛනික රාජකාරිවලින් මදක් බැහැරව, පුහුණු වැඩසටහනකට සහභාගි වෙමින්  ඉඩම්  විෂය පිළිබඳව  දැනු‍මෙන් සන්නද්ධ වන අයුරු

ප්‍රාදේශීය  ලේකම්වරුන් සහභාගි වූ ඉඩම් විෂය පිළිබඳ පුහුණු වැඩසටහන

ඌව පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඉඩම් විෂය පිළිබඳව තම දැනුම පුළුල් කරගැනීම වස්, තම දෛනික රාජකාරිවලින් මදක් බැහැරව පුහුණු වැඩසටහනකට සහභාගි වෙමින් සිටින ආකාරය

ඌව පළාතේ  ඉඩම්ලාභීන් පුහුණු කිරීම

රජයෙන් ලබාදුන් ඉඩම්වල පාංශු සංරක්ෂණය හා සංවර්ධනය කිරීම සඳහා , අවශය දැනුම එම ඉඩම්හිමියන්ට ලබාදෙන විට, ලුණුගල ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයේ පීස්ස ග්‍රාමයේ ඉඩම්හිමියන් සුපුරුදු ගේ දොර රාජකාරිවලින් මඳක් ඈත්ව, තම ඉඩම් සංවර්ධනයට තම හිත යොමුකිරීමට, දැනුමෙන් සන්නද්ධ වන ආකාරය
 

 

පාංශු සංරක්ෂණය නොකළ ඉඩම් (3)
පාංශු සංරක්ෂණය නොකළ ඉඩම්

පස සංරක්ෂණය නොකිරීම

පස සංරක්ෂණය නොකිරීම හේතුවෙන් ඉඩම් සෝදාපාළුවට ලක්වන අයුරු හා තෙවන රූපයෙන් දැක්වෙන්නේ, පස සෝදාගෙන යාම හේතුවෙන් ගංඟාවකට රොන්මඩ එක්වී ඇති ආකාරයයි

 

 

 

 

පෙබරවාරි 2020
බ්‍ර සි සෙ
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය